Monday, December 3, 2007

ට්‍රාන්සිස්ටරයක් යනු කුමක්ද?

හැඳින්වීම

ට්‍රාන්සිස්ටරය යනු අර්ධ සන්නායක උපාංගයක් වන අතර එය වර්ධකයක් ලෙස සහ ස්විචයක් ‍ලෙස භාවිතා කරනු ලැබේ.තවද පරිගණකවල, ජංගම දුරකථන වල සහ අනෙකුත් සියලුම විද්‍යුත් උපකරණ වල භාවිතා වන මූලික විද්‍යුත් පරිපථ උපාංගයක් ලෙසද මෙය සැලකිය හැකිය.


ට්‍රාන්සිස්ටරයේ ඇති ඉක්මන් ක්‍රියාකාරිත්වයත්, නිරචද්‍යතාවයත් නිසා විවිධවූ කාර්යයන් සදභා මෙය යොදා ගනු ලබන අතර උදාහරණ ලෙස ධාරා වර්ධනය,වෝල්ටීයතා වෙනස්කිරීම්,සංඥා සැකසීම සහ දෝළක සැලකිය හැකිය.ට්‍රාන්සිස්ටර තනි ඇසුරුමක ආකාරයෙන් සහ සංගෘහිත පරිපථ වල අභ්‍යන්තර කොටසක් ලෙසද නිර්මාණය කර ඇත.සංගෘහිත පරිපථ වල අභ්‍යන්තරයේ මෙවැනි පරිපථ බිලියන ගණනක් පවතී.


ක්‍රියාකාරිත්වය


ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් ධාරාවන් වර්ධනය කල හැකි අතර, එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන පාදම ධාරාව මගින් සංග්‍රාහකය තුලින් ගලන විශාල ධාරාව පාලනය කරනු ලබයි. බොහෝ පරිපථ වල වෙනස්වන ධාරාව වෙනස්වන වෝල්ටීයතාව බවට පත් කිරීම සඳහා ප්‍රතිරෝධක භාවිතා කරයි. එසේ වෙනස් කල පසු වෝල්ටීයතා වර්ධකයක් ලෙසද ට්‍රාන්සිස්ටරය භාවිතා කල හැක.

ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙසද භාවිතා කරනු ලැබේ.

No comments: